සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද "පන් හිදක සේයා" 2026 සාහිත්‍යය කලා උළෙල 2026.10.01 දින දැරණියගල බහුකාර්ය ශාලාවේදී සාර්ථක ලෙස පවත්වන ලදී.

ප්‍රදේශයේ  කලා ආයතනවල ශිල්පීන්ගේ සංස්කෘතික අංගනයන් වලින්ද අලංකාර වූ මෙම වැඩසටහනේදී  ප්‍රවීන ගීත රචක, සාහිත්‍යය දේශක, සිනමා විචාරක ධම්මික බණඩාර මහතාගේ රසවින්දන වැඩසටහනක් සහ දේශනයක් පැවති අතර සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කරන ලද පාසැල් සිසු සිසුවියන් ඇතුළු ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත් ප්‍රවීන කලාකරුවන් වෙත උපහාර පුදකිරීමත් සිදු කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් තුමාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ  සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමාගේ සමබන්ධීකරන ලේකම්තුමන්, ප්‍රදේශීය සභාවේ ගරු මන්ත්‍රී වරුන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුමන් වෙනුවෙන් දිස්ත්‍රික් ක්‍රම සම්පදන අධයක්ෂකතුමිය, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ඇතුළු අනෙකුත් ආරාධිතයින්, ග්‍රාම සංවර්ධන සමිති හා වැඩිහිටි සමිති වල සාමාජිකයින්, පාසැල් සිසු සිසුවියන් සහ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි විය.

 

 

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top