දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල වර්ෂ 2019 පෙබරවාරි මස 04 වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ, පොලිස් ස්ථානයේ සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, පාසැල් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහයෝගයෙන් දැරණියගල සිරිසමන් ජාතික පාසැල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.





















