ගෝලීය ව්‍යසනයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වෘත්තිකයින්ගේ මෙන්ම මහජනතාවගේ වගකීමක් බව පෙන්වා දෙමු. 

මෙම තත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියලු දෙනාගේ සහය ඊට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

ඔබ ප්‍රදේශයේ කොරෝනා වෙරසය වැලඳී ඇතැයි සැක සහිත පුද්ගලයන් වේ නම් ඒ පිළිබඳව ඔබගේ වසම් භාර ග්‍රාම නිලධාරී දැනුවත් කර දුරකථන අංක 117 මගින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අනිවාර්යයෙන් දැනුවත් කරන්න.

මීට අමතරව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 036 2249372, 0716670488,

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0715553033,

දැරණියගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශය - 0716332161,

මාලිබොඩ සහ පොත්දෙනිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්සඨාශය සඳහා - 0703808384,

කොස්ගහකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්සඨාශය සඳහා - 0712770337 දැනුවත් කිරීමට කාරුණික වන්න.

ඔබගේ රාජකාරී සඳහා දැරණියගල ප්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර පහත දුරකථන අංක ඔස්සේ අදාල නිලධාරියාට ඇමතීමෙන් හෝ නිල ඊ-මේල් ලිපිනය භාවිතා කිරීමෙන් එම රාජකාරිය ඉටුකරගැනීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (දුරකථන අංක සහ ඊ-මේල් ලිපිනයන් පහත දැක්වේ.)
කාර්යාලයීය දුරකථන අංකය:- 036 2249238 

කාර්යාලයීය ෆැක්ස් අංකය:-   036 2249239

ඊ-මේල් ලිපිනයන්

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කාර්යාල නිලධාරීන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ දුරකථන අංක http://www.deraniyagala.ds.gov.lk/ යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගතහැක.


කොරෝනා වයිරසය පිළිබඳ වැඩිදුර තොරතුරු

කොරෝනා රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk) ලබා ගත හැක.

පුවත් සහ සිදුවීම්

Scroll To Top