දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2022 ජනවාරි මස 03වන දින සිදු කරන ලදී.
මෙහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනය කල අතර, ඉන්පසු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීම සිදුකිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකල සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 2ක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලදී.
පසුව සමස්ථ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම කියවූ අතර ඉන් අනතුරුව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් එවා තිබූ කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම උදෙසා එක් එක් පුද්ගලයා සතුවත්, සමාජය සතුවත්, කාර්යාල පරිශ්‍රය තුලත් ඇති වගකීම අවධාරණය කෙරෙන කෙටි දේශනය ඉදිරිපත් කරන ලදි.
අනතුරුව නව වසරට සුබාශිංසන සමඟ රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ප්‍රමුඛතා හා ඉලක්ක ඉටුකර ගැනීමට රාජ්‍ය සේවයේ දායකත්වය දැඩි කැපවීමෙන් යුතුව ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ප්‍රාදේශීය ලේකම් තුමියගේ දේශනයෙන් අනතුරුව 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීමේ සමාරම්භක අවස්ථාව නිමාවට පත්විය.
































