"තරුණ ඔබට අභිමානවත් රැකියාවක් - සෞභාග්‍යමත් අනාගතයක්" තේමාව කරගත් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද කඳුමැද නුවර රැකියා පොළ 2021 මාර්තු මස 26 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි පවත්වන ලදී. මෙහිදී දේශීය හා විදේශීය රැකියා, වෘත්තීය පුහුණු සහ ත්‍රිවිධ හමුදාව සඳහා බඳවා ගැනීම්ද සිදුකරන ලද අතර දෙස් විදෙස් රැකියා සපයන ආයතන විශාල ප්‍රමාණයක් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීමට අමතරව ජාතික නිදහස දිනාගත් ආකාරය පිළිබඳ දේශනයක්, රුක් රෝපණ වැඩසටහනක්, පැල බෙදා දීමේ වැඩසටහනක් සහ කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සිදුකරන ලදී.

  

 

 

 

 

 

 

 

 

 

දැරණියගල කොට්ඨාශයේ තොරාගත් රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන්ගේ නාමලේඛනය සඳහා මෙතනින් ප්‍රවේශ වන්න

රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 අභියාචනා ඉදිරිපත් කිරීම (අභියාචනා උපදෙස් සහ අයදුම් පත්‍රය සඳහා මෙතනින් ප්‍රවේශ වන්න.

ඉහත වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු රාජ්‍ය සේවා, පළාත් සභා හා පළත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ( www.pubad.gov.lk ) ලබා ගත හැකිය.

ආගමික වතාවන්ට මුල් තැන දෙමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  2021 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අද දින සිදු කරන ලදී. මෙහිදී ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් කාර්යමණ්ඩලය ඇමතීමට අමතරව දැරණියගල කොට්ඨාශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් කොරෝනා වයිරස උවදුරෙන් ආරක්ෂා වීම පිළිබඳ කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක්ද පවත්වන ලදී.

  

  

  

  

  

  

  

  

  

  

පොසොන් සතියට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන 2020 ජූනි මස 16 දින පරිත්‍යාගශීලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top