අතිගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශයට අනුව “මතින් නිදහස් ජාතියක් - සෞභාග්යමත් දේශයක්” යථාර්ථයක් කරණු පිණිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද මත්ද්රව්ය නිවාරණ අත් පත්රිකා බෙදා දීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 11 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලදි සිදු කරන ලදී.
මෙහිදී මත්ද්රව්ය භාවිතයේ සිරවී සිටින පිරිස් එයින් නිදහස් වීමට අවශ්ය සේවාවන් ලබා ගැනීම සඳහා 1927 ක්ෂණික දුරකථන අමතුම් අංකය හඳුන්වා දීමද මෙහිදී සිදුවිය.




















විමධ්යගත අයවැය වැඩසටහන යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්රී දුෂ්මන්ත මිත්රපාල මැතිතුමාගේ ප්‍රතිපාදන මත දැරණියගල කොට්ඨාශයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන 20ක් සඳහා ඉවුම්පිහුම් කට්ටල ලබා දීම 2022 ජනවාරි මස 10 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී සිදු කරන ලදී.




















සබරගමු පළාත් පරිවාස, ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් වැඩ සටහනට සමගාමීව, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එකමුතු ස්වශක්ති සංවිධානය හා විශේෂ අධාපන ඒකක එක්ව සංවිධානය කල විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ප්‍රාදේශීය සැමරුම් උත්සවය 2021 දෙසැම්බර් මස 30 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.




















දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2022 ජනවාරි මස 03වන දින සිදු කරන ලදී.
මෙහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනය කල අතර, ඉන්පසු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීම සිදුකිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකල සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 2ක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලදී.
පසුව සමස්ථ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම කියවූ අතර ඉන් අනතුරුව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් එවා තිබූ කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම උදෙසා එක් එක් පුද්ගලයා සතුවත්, සමාජය සතුවත්, කාර්යාල පරිශ්‍රය තුලත් ඇති වගකීම අවධාරණය කෙරෙන කෙටි දේශනය ඉදිරිපත් කරන ලදි.
අනතුරුව නව වසරට සුබාශිංසන සමඟ රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ප්‍රමුඛතා හා ඉලක්ක ඉටුකර ගැනීමට රාජ්‍ය සේවයේ දායකත්වය දැඩි කැපවීමෙන් යුතුව ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ප්‍රාදේශීය ලේකම් තුමියගේ දේශනයෙන් අනතුරුව 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීමේ සමාරම්භක අවස්ථාව නිමාවට පත්විය.












2021 ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙහි ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දිම හා ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීම අරමුණු කර ගනිමින් ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2021 දෙසැම්බර් මස 28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංස්කෘතික අමත්‍යාංශය හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය අනුග්‍රහය දක්වන ලද අතර, නර්තනය හා ගායනයද සමඟින් කලාකරු කුසලතා ඔප් නංවමින් මෙම වැඩසටහන පවත්වන ලදී.








































