දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දැරණියගල ප්‍රා‌දේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී 2022 ජනවාරි මස 03වන දින සිදු කරන ලදී.

මෙහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනය කල අතර, ඉන්පසු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීම සිදුකිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකල සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 2ක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලදී.

පසුව සමස්ථ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම කියවූ අතර ඉන් අනතුරුව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් එවා තිබූ කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම උදෙසා එක් එක් පුද්ගලයා සතුවත්, සමාජය සතුවත්, කාර්යාල පරිශ්‍රය තුලත් ඇති වගකීම අවධාරණය කෙරෙන කෙටි දේශනය ඉදිරිපත් කරන ලදි.

අනතුරුව නව වසරට සුබාශිංසන සමඟ රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී ප්‍රමුඛතා හා ඉලක්ක ඉටුකර ගැනීමට රාජ්‍ය සේවයේ දායකත්වය දැඩි කැපවීමෙන් යුතුව ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ප්‍රාදේශීය ලේකම් තුමියගේ දේශනයෙන් අනතුරුව 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීමේ සමාරම්භක අවස්ථාව නිමාවට පත්විය.

සබරගමු පළාත් පරිවාස, ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් වැඩ සටහනට සමගාමීව, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එකමුතු ස්වශක්ති සංවිධානය හා විශේෂ අධාපන ඒකක එක්ව සංවිධානය කල විශේෂ අවශ්‍යතා  සහිත වූවන්ගේ ප්‍රාදේශීය සැමරුම් උත්සවය 2021 දෙසැම්බර් මස 30 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදි  පැවැත්විණි.

පරිසර අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම දෙනතුරු” රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දැරණියගල කොට්ඨාශයේ පැළ සිටුවීම 2021.12.28 දින පෙ.ව. 8.30ට උඩබාගේ වසමෙහි ලිහිණියගල ශ්‍රී සාමබෝධි මංගල මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එයට සමගාමීව වසමෙහි මාර්ග දෙපස සහ සේවා පියස භූමියේදී පැල සිටුවීම සිදු කරන ලදී.

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

2021 ප්‍රාදේශීය සාහිත්‍ය  තරගාවලියෙහි ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දිම හා ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීම අරමුණු කර ගනිමින් ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2021 දෙසැම්බර් මස 28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංස්කෘතික අමත්‍යාංශය හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය අනුග්‍රහය දක්වන ලද අතර, නර්තනය හා ගායනයද සමඟින් කලාකරු කුසලතා ඔප් නංවමින් මෙම වැඩසටහන පවත්වන ලදී.

පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කම්කරු හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද රැකියා පොල 2021 දෙසැම්බර් මස 14 වන දින බස්නාගල ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී ස්වයං රැකියා සඳහා ලියාපදිංචි කිරීම් 26ක්, රැකියා සඳහා යොමුකිරීම්/බඳවා ගැනීම් 16ක් සහ වෘත්තීය පුහුණුව සඳහා බඳවාගැනීම් 07ක් සිදුකරන ලද අතර මේ සඳහා රැකියා සපයන ආයතන 09ක් සහ රජයේ වෘත්තීය පුහුණු ආයතන 02ක් සහභාගි විය.

         

පුවත් සහ සිදුවීම්

Scroll To Top