කෑගල්ල දිස්ත්රික්කය තුල තොරතුරු තාක්ෂණ සම්පත් පුද්ගලයින් ප්රශස්තකරණය කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ සම්පත් දායකයන් ලෙස සුදුසුකම් සහිත පුද්ගලයින් හඳුනාගැනීමට අදාල තොරතුරු ලබාගැනීම සඳහා මාර්ගගත පෝරමයක් සකස් කර ඇත.
ඔබත් කෑගල්ල දිස්ත්රික්කය තුළ තොරතුරු තාක්ෂණ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කිරීමට කැමති නම් 2023.09.11 දිනට පෙර පහත දක්වා ඇති දිගුව මඟින් දක්වා ඇති මාර්ගගත පෝරමය මඟින් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.
https://forms.gle/J9eeMr5ChZc3tBNW8

දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ 2023 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ජනවාරි මස 02 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී.
මෙහිදී ප්රාදේශීය ලේකම්තුමිය විසින් 2023 වසරේ අභියෝග හමුවේ රාජ්ය ප්රතිපත්ති වලට අනුව රාජ්ය සේවකයින්ගේ වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව නව වසරට සුභ ප්රාර්ථනා එක් කිරීමෙන් වැඩසටහන නිමාවට පත්විය.




















සබරගමුව පළාත් අධ්යාපන හා සංස්කෘතික අමාත්යාංශයේ මූල්ය අනුගහයෙන් සහ දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන්, 2023 තෛපොංගල් සැමරුම් වැඩසටහන, ජනවාරි මස 23 වන දින ප්රාදේශිය ලේකම් කාර්යාල පරිශ්රයේදී පවත්වන ලදී.











































