සබරගමුව පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍ය අනුගහයෙන් සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන්, 2023 තෛපොංගල් සැමරුම් වැඩසටහන, ජනවාරි මස 23 වන දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.




















දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2023 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ජනවාරි මස 02 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී.
මෙහිදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2023 වසරේ අභියෝග හමුවේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව නව වසරට සුභ ප්‍රාර්ථනා එක් කිරීමෙන් වැඩසටහන නිමාවට පත්විය.




















දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්; දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, දැරණියගල විදාතා මධ්‍යස්ථානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැරණියගල ප්‍රාදේශීය කාර්යාලයේ සංවිධාන ශක්තිය යටතේ, ඌන භාවිත ආහාර ප්‍රවර්ධනය හා සංරක්ෂණය කිරීමේ අරමුණින්; "සැඟවුණු රසයක - පිබිදෙන දිවිමඟ" ප්‍රදර්ශනය 2022 සැප්තැම්බර් 1 වැනි දින දැරණියගල බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙම ප්‍රදර්ශනය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, අතිරේක කොමසාරිස් ජනරාල්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මෙහිදී ඌන භාවිත ආහාර ප්‍රවර්ධනය සඳහා වූ බ්ලොග් අඩවියක් (blog) {https://chefderaniyagaladssin.blogspot.com/} හා විද්‍යුත් පුස්තකයක් (e-book) {http://deraniyagala.ds.gov.lk/images/2022/underutilized_crops_sin.pdf} එළිදැක්වීම සිදු කරන ලදි.




















දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කේ රමේෂ්රාජා මහතා 2022 අගෝස්තු මස 01 දින රාජකාරි කටයුතු කටයුතු ආරම්භ කරන ලදී.
























