පරිසර අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම දෙනතුරු” රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දැරණියගල කොට්ඨාශයේ පැළ සිටුවීම 2021.12.28 දින පෙ.ව. 8.30ට උඩබාගේ වසමෙහි ලිහිණියගල ශ්‍රී සාමබෝධි මංගල මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එයට සමගාමීව වසමෙහි මාර්ග දෙපස සහ සේවා පියස භූමියේදී පැල සිටුවීම සිදු කරන ලදී.

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කම්කරු හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද රැකියා පොල 2021 දෙසැම්බර් මස 14 වන දින බස්නාගල ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. මෙහිදී ස්වයං රැකියා සඳහා ලියාපදිංචි කිරීම් 26ක්, රැකියා සඳහා යොමුකිරීම්/බඳවා ගැනීම් 16ක් සහ වෘත්තීය පුහුණුව සඳහා බඳවාගැනීම් 07ක් සිදුකරන ලද අතර මේ සඳහා රැකියා සපයන ආයතන 09ක් සහ රජයේ වෘත්තීය පුහුණු ආයතන 02ක් සහභාගි විය.

         

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීමට අමතරව ජාතික නිදහස දිනාගත් ආකාරය පිළිබඳ දේශනයක්, රුක් රෝපණ වැඩසටහනක්, පැල බෙදා දීමේ වැඩසටහනක් සහ කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සිදුකරන ලදී.

  

 

 

 

 

 

 

 

 

 

"තරුණ ඔබට අභිමානවත් රැකියාවක් - සෞභාග්‍යමත් අනාගතයක්" තේමාව කරගත් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද කඳුමැද නුවර රැකියා පොළ 2021 මාර්තු මස 26 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි පවත්වන ලදී. මෙහිදී දේශීය හා විදේශීය රැකියා, වෘත්තීය පුහුණු සහ ත්‍රිවිධ හමුදාව සඳහා බඳවා ගැනීම්ද සිදුකරන ලද අතර දෙස් විදෙස් රැකියා සපයන ආයතන විශාල ප්‍රමාණයක් සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

ආගමික වතාවන්ට මුල් තැන දෙමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  2021 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අද දින සිදු කරන ලදී. මෙහිදී ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් කාර්යමණ්ඩලය ඇමතීමට අමතරව දැරණියගල කොට්ඨාශයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් කොරෝනා වයිරස උවදුරෙන් ආරක්ෂා වීම පිළිබඳ කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ දේශනයක් සහ රුක් රෝපණ වැඩසටහනක්ද පවත්වන ලදී.

  

  

  

  

  

  

  

  

  

  

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top