
ගෝලීය ව්‍යසනයක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වෘත්තිකයින්ගේ මෙන්ම මහජනතාවගේ වගකීමක් බව පෙන්වා දෙමු.
මෙම තත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියලු දෙනාගේ සහය ඊට ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටිමු.
ඔබ ප්‍රදේශයේ කොරෝනා වෙරසය වැලඳී ඇතැයි සැක සහිත පුද්ගලයන් වේ නම් ඒ පිළිබඳව ඔබගේ වසම් භාර ග්‍රාම නිලධාරී දැනුවත් කර දුරකථන අංක 117 මගින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අනිවාර්යයෙන් දැනුවත් කරන්න.
මීට අමතරව දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 036 2249372, 0716670488,
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක - 0715553033,
දැරණියගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශය - 0716332161,
මාලිබොඩ සහ පොත්දෙනිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්සඨාශය සඳහා - 0703808384,
කොස්ගහකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්සඨාශය සඳහා - 0712770337 දැනුවත් කිරීමට කාරුණික වන්න.
ඔබගේ රාජකාරී සඳහා දැරණියගල ප්‍රාදෙශීය ලේකම් කාර්යාලය වෙත පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර පහත දුරකථන අංක ඔස්සේ අදාල නිලධාරියාට ඇමතීමෙන් හෝ නිල ඊ-මේල් ලිපිනය භාවිතා කිරීමෙන් එම රාජකාරිය ඉටුකරගැනීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (දුරකථන අංක සහ ඊ-මේල් ලිපිනයන් පහත දැක්වේ.)
කාර්යාලයීය දුරකථන අංකය:- 036 2249238
කාර්යාලයීය ෆැක්ස් අංකය:- 036 2249239
ඊ-මේල් ලිපිනයන්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කාර්යාල නිලධාරීන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ දුරකථන අංක http://www.deraniyagala.ds.gov.lk/ යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගතහැක.

කොරෝනා වයිරසය පිළිබඳ වැඩිදුර තොරතුරු
කොරෝනා රෝග තත්වය පිළිබඳ කාලීන තොරතුරු අවශ්‍ය වේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk) ලබා ගත හැක.

පුරා වසර 30කට ආසන්න කාලයක් මුළුල්ලේ ග්‍රාම නිලධාරී තනතුර හොබවමින් දැරණියගල පුරවරයේ ජනතාවටත්, මෙම කාර්යාලයේ නිලධාරීන්ටත් විශිෂ්ඨ සේවාවක් සලසා, පරිපාලන ග්‍රාම නිලධාරී තනතුරට උසස්වීමක් ලැබ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවීමක් ලබා ගිය රංජිත් ගුණවර්ධන මහතානෙනි; ඔබට සමස්ථ කාර්යමණ්ඩලයේ සුබපැතුම්!!!

2019 ජූනි මස 12 දින සිට 18 දින දක්වා වන පොසොන් සතිය නිමිති කර ගනිමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2019 ජූනි මස 13වන දින සර්ව රාත්‍රික පිරිත් පිංකමක් සහ පසු දින ගරුතර සංඝරත්නය විෂයෙහි සාංඝීක දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන ලදී.

"නිවුණු, හැදුණු, පිරුණු, සොඳුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් එක්ව ගොඩනගමු" තේමාව යටතේ ජාතික සාහිත්‍ය කළා මහෝත්සවයට සමගාමීව පවත්වන ලද, දැරණියගල ප්‍රාදේශිය සාහිත්‍ය කළා උළෙල 2019 සැප්තැම්බර් මස 19 වෙනි දින කෑ/දෙහි/ කොස්ගහකන්ද මහා විද්‍යාලයේදී පවත්වන ලදී.
ප්‍රවීණ දේශක අලවතුරේ විජිත අභයවික්‍රම කිවිදුන්ගේ හරබර දේශනය, සංස්කෘතික අංග හා කලාකරුවන් ඇගයීම වැනි අංග රැසකින් මෙම උත්සවය සමන්විත විය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය සහ රංජිත් පොල්ගම්පල මිත්‍රත්ව පදනම සහ ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික ආයතන, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල ප්‍රාදේශීය සභාව සහ දැරණියගල පොලිස් ස්ථානය එක්ව සංවිධානය කරන ලද කඳු මැද නුවර සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය 2019 අප්‍රේල් මස 20 වන දින දැරණියගල සිරිසමන් ජාතික පාසැල් ක්‍රීඩා පිටියේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.






















