දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම 2025.01.01 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී. ප්‍රථමයෙන්ම  ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කෙරුණි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම සිදුකිරිමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන් විසින් පොල්තෙල් පහන් සිලු දැල්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ආරම්භ කෙරුණි.

ඉන්පසුව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක, පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංස ස්වාමීන් වහන්සේ විසින්  ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඣායනය සිදු කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ලස්සන රටක් - පොහොසත් ජීවීතයක් තේමාව කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන #CleanSriLanka වැඩසටහනේ සජීවී විකාශය සමඟ සම්බන්ධ වෙමින් පුරවැසි ප්‍රතිඥාව ලබාදීමේ කාර්යය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය එක්විය.

අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), පරිපාලන නිලධාරී, පරිපාලන ග්‍රාම නිලධාරි, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් 2025 වසරට සුභපැතුම් එක් කරන ලදී.

මීට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් වොලිබෝල් සැණකෙළියේ අන්තර් රාජ්‍ය අංශ අතර පසුගිය දිනක පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගත් කාන්තා වොලිබෝල් කණ්ඩායමට හිමි ජයග්‍රාහී කුසලානය කණ්ඩායම් නායිකා සුභාෂිණි කරුණාරත්න ක්‍රීඩිකාව  ප්‍රමුඛ ක්‍රීඩිකාවන් හට ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ප්‍රදානය කරන ලදී. 

කෑගල්ල දිස්ත්‍රික්කය තුල තොරතුරු තාක්ෂණ සම්පත් පුද්ගලයින් ප්‍රශස්තකරණය කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ සම්පත් දායකයන් ලෙස සුදුසුකම් සහිත පුද්ගලයින් හඳුනාගැනීමට අදාල තොරතුරු ලබාගැනීම සඳහා මාර්ගගත පෝරමයක් සකස් කර ඇත.

ඔබත් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තොරතුරු තාක්ෂණ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කිරීමට කැමති නම් 2023.09.11 දිනට පෙර පහත දක්වා ඇති දිගුව මඟින් දක්වා ඇති මාර්ගගත පෝරමය මඟින් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.

https://forms.gle/J9eeMr5ChZc3tBNW8

පුවත් සහ සිදුවීම්

Scroll To Top