දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්; දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල ගොවිජන සේවා මධ්යස්ථානය, දැරණියගල විදාතා මධ්යස්ථානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැරණියගල ප්රාදේශීය කාර්යාලයේ සංවිධාන ශක්තිය යටතේ, ඌන භාවිත ආහාර ප්රවර්ධනය හා සංරක්ෂණය කිරීමේ අරමුණින්; "සැඟවුණු රසයක - පිබිදෙන දිවිමඟ" ප්රදර්ශනය 2022 සැප්තැම්බර් 1 වැනි දින දැරණියගල බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
මෙම ප්රදර්ශනය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, අතිරේක කොමසාරිස් ජනරාල්, කෑගල්ල දිස්ත්රික් ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් නියෝජ්ය අධ්යක්ෂ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
මෙහිදී ඌන භාවිත ආහාර ප්රවර්ධනය සඳහා වූ බ්ලොග් අඩවියක් (blog) {https://chefderaniyagaladssin.blogspot.com/} හා විද්යුත් පුස්තකයක් (e-book) {http://deraniyagala.ds.gov.lk/images/2022/underutilized_crops_sin.pdf} එළිදැක්වීම සිදු කරන ලදි.




















දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව සහකාර ප්රාදේශීය ලේකම් ලෙස කේ රමේෂ්රාජා මහතා 2022 අගෝස්තු මස 01 දින රාජකාරි කටයුතු කටයුතු ආරම්භ කරන ලදී.


දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්රාදේශීය ලේකම් පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම 2014 මාර්තු මස 14 දින පෙ.ව. 10.41ට යෙදුණු සුබ මොහොතින් ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී. මධුෂාණි ද සිල්වා මහත්මිය දැරණියගල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ 15වන ප්රාදේශීය ලේකම් වේ.




















2022 මාර්තු මස දැරණියගල ප්රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම මාර්තු මස 29 දින ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අමාත්ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදි හරිත දැයක් ජාතික කෘෂි ගෙවතු සංවර්ධන වැඩසටහන 2022 යටතේ එළවළු පැල සහ බීජ බෙදා දීමේ සංකේතාත්මක වැඩසටහනක් ද ව්යවසායකයින් සඳහා ස්වයං රැකියා උපකරණ ලබා දීමක්ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු උප සභාපති හිටපු පළාත් සභා මන්ත්රී අජිත් ශ්යාමින්ද මැතිතුමා සහ ප්රාදේශිය සභා මන්ත්රීතුමන්ලා ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, ප්රාදේශීය ලේකම් තුමිය ඇතුළු රාජ්ය නිළධාරීන් ද සහභාගි වූහ.




















පුරා වසර හතරකට අධික කාලයක් දැරණියගල ප්රාදේශීය ලේකම් ලෙස දැරණියගල පුරවරයට මහඟු සේවාවක් සිදු කර ස්ථාන මාරු ලබා වෙනත් සේවා ස්ථානයක් වෙත යන අයි.කේ.ආර්.එස්. බණ්ඩාර මැණිකේ මෙනවියට දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් පිරිනැමීමේ උත්සවය 2022 මාර්තු මස 11වන දින දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේදී සිදු කරන ලදී.








































