2019 ජූනි මස 12 දින සිට 18 දින දක්වා වන පොසොන් සතිය නිමිති කර ගනිමින් දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2019 ජූනි මස 13වන දින සර්ව රාත්රික පිරිත් පිංකමක් සහ පසු දින ගරුතර සංඝරත්නය විෂයෙහි සාංඝීක දානමය පුණ්ය කර්මයක් සිදු කරන ලදී.

ජාතික ඒකාබද්ධතා, රාජ්ය භාෂා, සමාජ ප්රගති සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ ගරු අමාත්ය මනෝ ගනේෂන් මැතිතුමාගේ උපදෙස් පරිදි එම අමාත්යාංශය සහ රංජිත් පොල්ගම්පල මිත්රත්ව පදනම සහ ප්රදේශයේ රාජ්ය හා පුද්ගලික ආයතන, ව්යාපාරික ප්රජාව ඇතුළු ප්රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල ප්රාදේශීය සභාව සහ දැරණියගල පොලිස් ස්ථානය එක්ව සංවිධානය කරන ලද කඳු මැද නුවර සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය 2019 අප්රේල් මස 20 වන දින දැරණියගල සිරිසමන් ජාතික පාසැල් ක්රීඩා පිටියේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.


ජාතික ඒකාබද්ධතා, රාජ්ය භාෂා, සමාජ ප්රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්යාංශයේ සහ දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දැරණියගල කොට්ඨාශයේ මහජනතාවගේ සේවා අවශ්යතාවයන් ඉටු කිරීම සඳහා සංවිධානය කළ ජංගම සේවා වැඩසටහන 2014 පෙබරවාරි මස 24 දින දැරණියගල සිරිසමන් ජාතික පාසැලේදී සාර්ථක ලෙස පවත්වන ලදී.


“සුහුරු කතක් - සොඳුරු ලොවක්” වසරේ කාන්තා දින තේමාව යටතේ ප්රාදේශීය කාන්තා දින සැමරුම් වැඩසටහන 2019 මාර්තු මස 26 දින දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
මෙහිදී ප්රධාන දේශනය ශ්රී ජයවර්ධනපුර රෝහලේ නාරි හා ප්රසව වාට්ටු භාර ප්රධාන හෙද නිලධාරිනී සේපාලි අතුකෝරළ මහත්මිය විසින් පවත්වන ලද අතර එහි මාතෘකාව අඩු වයස් විවාහ තුළින් කාන්තාවට, පවුලට හා සමාජයට සිදුවන හානි හා එය වලක්වා ගැනීම තුලින් යහපත් පවුල් පරිසරයන් නිර්මාණය කිරීම යන්නයි.
ශක්තිමත් පවුලක් ගොඩනැංවීම සඳහා කාන්තාවන්ගේ ආකල්ප සංවර්ධනය තුළින් පවුල් ආර්ථිකයන් සංවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ බුලත්කොහුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්යාපාර සංවර්ධන නිලධාරී චමින්ද ප්රදීප් ගුණසේන මහතා විසින් අනෙක් දේශනය පවත්වන ලදී.
දැරණියගල ප්රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන් 181 දෙනෙක් මේ සඳහා සහභාගි වූ අතර සෞන්දර්යාත්මක නිර්මාණ කිහිපයකින් වැඩසටහන අලංකාරවත් විය.
දැරණියගල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල වර්ෂ 2019 පෙබරවාරි මස 04 වන දින දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්, දැරණියගල ප්රාදේශීය සභාවේ, පොලිස් ස්ථානයේ සහ අනෙකුත් රාජ්ය සහ රාජ්ය නොවන ආයතන, පාසැල් සහ ප්රදේශවාසී ජනතාවගේ සහයෝගයෙන් දැරණියගල සිරිසමන් ජාතික පාසැල් පරිශ්රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.





















