74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා සංවිධානය කළ සැමරුම් උත්සව සහ රුක් රෝපණ වැඩසටහන් හා ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ ශ්‍රමදාන 2022 පෙබරවාරි මස 04වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී වසම් මට්ටමෙන් පවත්වන ලද අතර එදිනම දිනකට පැල 75ක් සිටුවීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පළමුවැනි රුක්රෝපණ වැඩසටහනද පනාකූර සහ පන්දාහ වසම් ආශ්‍රිතව සිදු කරන ලදී.

අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගන්නා ලද ව්‍යාපෘති ආරම්භ කිරීම 2022 ජනවාරි මස 03 වන දින පෙ.ව. 08.52ට යෙදුණු සුබ මොහොතින් සිදු කරන ලදී.

 

සබරගමු පළාත් සංස්කෘතික හා අධ්‍යාපනික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන අනුග්‍රහයෙන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කොට පැවැත්වූ තෛපොංගල් උත්සවය 2022 ජනවාරි මස 25 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරන ලදී.

 

 

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ 2021 විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සමිති සහ ස්වේච්ඡා සංවිධාන සඳහා LED Flash Light ලබා දීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 28 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.

 

වසරක පුහුණු කාලය නිමාකළ අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයක් 2022-01-19 දින සබරගමු පළාත් හිටපු ගරු මන්ත්‍රී, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති අජිත් ශ්‍යාමින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය දොස්තර තිස්ස විතාරණ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, බුලත්කොහුපිටිය විවිධ සේවා සංගමයේ ගරු සභාපති අශෝක රාජපක්ෂ මහතා, ගරු තිස්ස විතාරණ මැතිතුමා‌ගේ දැරණියගල කොට්ඨාශ භාර සම්බන්ධීකරණ ලේකම් සේසිරි කරුණාරත්න මහතා, ප්‍රාදේශීය සභා ගරු  මන්ත්‍රී රුවන් චමින්ද මහතා, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.සී. මධුෂාණි ද සිල්වා මහත්මිය, සහකාර අධ්‍යක්ෂක ආනන්ද සෝමරත්න මහතා, පරිපාලන ග්‍රාම නිලධාරී රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top